Showing posts with label නව කතා. Show all posts
Showing posts with label නව කතා. Show all posts

Friday, July 8, 2016

නව කතා-ඇරඹුම


වරින් වර හිතට එබිකම් කරන චරිත වලට පණ පොවමින් නවකතා කීපයක්ම ලියා ඇතත් ඒ එකක්වත් තවත් කෙනෙකුට කියවන්නට දෙන්නට තරම් වෙලාවක් මට නොතිබුණි. ඉඩ තියෙන විදිහට ලියාගෙන ලියාගෙන ගියත් මේ කතා එකක්වත් පරිගණකගත කරන්නට ඒ කාලයේ ඉඩ නොලැබුණේ යුනිකෝඩ් අක්ෂර භාවිතයට මා හුරු වී නොසිටි නිසාය. දැන් යුනිකෝඩ් අක්ෂර මෙන්ම අන්තර්ජාලය හරහා පාඨකයින්ද සොයාගත හැකි නිසා "මගේ පොත්ගුල" නමින් මා අලුත් බ්ලොගයක් ආරම්භ කළේ කලකට පෙර ලියා එක්සැයිස් පිටු අතර සිරවී සිටින චරිත ටිකට සාධාරණයක් ඉටුකරන්නටය. ඉතින් ඉඩ ඇති වෙලාවක එන්න මගේ පොත් ගුලට.
මේ බ්ලොගයේ ලියන්නට සිතා සිටින්නේ මේ වනවිට ලියා අවසන් කර ඇති කතා කීපයක් නිසා ඉක්මනින් කතාව ඔබ අතරට ගෙන ඒම මගේ අභිප්‍රායයි.